(VIDEO) ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට ඉස්ලාම් ආගම වැලඳගන්නා ලෙස පාකිස්තානු ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් කළ ප්‍රකාශයක් පිළිබඳව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව පාකිස්තානු හා ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දඹුල්ලේදී පැවති අවසන් එක්දින තරගය නිමාවීමත් සමග ඩිල්ෂාන් හා ශේෂාඩ් නැවතත් ක්‍රීඩාගාරය වෙත යොමුවන විට ශේෂාඩ් හා ඩිල්ෂාන් අතර සිදුවූ අදහස් හුවමාරුවකදී අහමඩ් ශේෂාඩ් මෙම ප්‍රකාශය කර තිබේ.
“ ඔබ මුස්ලිම් නොවෙයිනම්, මුස්ලිම් ආගමට හැරෙන්න” යනුවෙන් ශේෂාඩ් පවසා තිබේ. මේ ප්‍රකාශය පිළිබඳව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය ශේෂාඩ්ගෙන් විමසා තිබෙන අතර, ඔහු පවසා තිබෙන්නේ එය ඩිල්ෂාන් හා කළ පෞද්ගලික කතාවක් බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ නියෝජිතයෙකු පාකිස්තානු මාධ්‍යවෙත පවසා තිබේ.
වීඩියෝව මෙතනින් බලන්න