(UPDATE) වසර 9කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක පරාජයට පත්කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (22දා) සමත්විය.
ඒ ආර්. ප්‍රේමදාස පිටියේ අද නිමාවූ සිවුවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක ජයක් ලබමින් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස පෙරමුණ ගනිමිනි. පාකිස්තාන කණ්ඩායමක් අවස්නවරට ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් හිමිකරගෙන තිබුණේ 2006 වසරේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 257ක ඉලක්කය කඩුලු 3ක් පමණක් වැය කර තරගයේ 40.5 පන්දුවාරයේදී පසුකර යාමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් ලකුණු 95 රැස්කරමින් පාකිස්තාන ඉනිමට පදනම දැමීය. ඔහු නායක අසාර් අලි හා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 75 සබඳතාවක් ගොඩනැංවීය. අලීගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මොහොමඩ් හෆීස් සමගද ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගීමට ශේෂාඩ් සමත්විය. කෙසේ වෙතත් මුලු ලකුණු සංඛ්‍යාව 88දී අහමඩ් ශේෂාඩ් (47) ලබාදුන් පහසු උඩපන්දුවක් ස්ලිප් හි පන්දු රකිමින් සිටි තිරිමාන්නට රැකගත නොහැකිවිමේ වාසියද පාකිස්තානුවන්ට හිමිවිය. මුලු ලකුණු සංඛ්‍යාව 190දී ශතකය පෙනී පෙනී සිටි ශේෂාඩ් ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කුසල්ට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.
ඉන් අනතුරුව මොහොමඩ් හෆීස් දවාගැනීමට මිලින්ද සිරිවර්ධන සමත්වුවත් එය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරිමට තරම් ප්‍රමාණවත් නොවුණි. සෆ්රාස් හා එක්වූ සොයිබ් මලික් පාකිස්තානා කණ්ඩායම වේගයෙන් ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. කෙසේ වෙතත් තරගයේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පතිකරු කුසල් පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත්කිරීමට මොහොමඩ් ඉර්ෆාන් සමත්විය. කුසල්ගේ දැවීයාමත් සමගම ඉතාමත් ප්‍රභලව තරගයට අවතීර්ණ වීමට පාකිස්තානුවෝ සමත්වූහ.
නමුත් තිලකරත්න ඩිල්ෂාන් හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩල්ල සඳහා ලකුණු 109 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
සිය එක්දින දිවියේ 44 වැනි අර්ධශතකය වාර්තා කළ ඩිල්ෂාන් මුලු ලකුණු සංඛ්‍යාව 109දී දවා ගැනීමට නවක ක්‍රීඩක ඉමාඩ් වසීම් සමත්වීමත් සමග ඩිල්ෂාන්ගේ හා තිරිමාන්නගේ සබඳතාව අවසන්විය. ඉන් අනතුරුව පිටියට එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ටද පිටියේ එතරම් වේලාවක් රැදී සිටීමට නොහැකිවිය. රහත් අලීගේ පන්දුවක් හමුවේ අපරික්ෂාකාරී පහරක් එල්ල කරමින් යෂීර් ෂා අතට උඩ පන්දුවක් ලබාදී ඔහු පිටියෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා ලකුණු සීමාව ඉහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටි දිනේෂ් චන්දිමාල්ද මුලු ලකුණු සංඛ්‍යාව 170දී මොහොමඩ් ඉර්ෆාන්ගේ පන්දුවකට යසීර් ෂා අතට උඩපන්දුවක් ලබාදී පිටියේ ඉවත්විය.
කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න සිය වගකීම අකුරටම ඉටුකරමින් ලකුණු 90ක් රැස්කළේ හුදෙකලා ඉනිමක් ගොඩනංවමිනි. ඔහු ඊයේ වාර්තා කළේය සිය 14 වැනි අර්ධ ශතකයයි. මුලු ලකුණු සංඛ්‍යාව 186දී අහමඩ් ශේෂාඩ්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැකිම හමුවේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ තිරිමාන්න දැවීගියේය.
මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියන්ජන්, සචිත් පතිරණ හා ලසිත් මාලිංග කෙටි ඉනිම් ක්‍රීඩා කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීය.
ශ්‍රී ලංකාව මෙම තරගයට වෙනස්කම් දෙකක් සහිතව ඇතුළත්විය. ඒ තිසර පෙරේරා හා උපුල් තරංග වෙනුවට අශාන් ප්‍රියන්ජන් හා සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවමිනි. පාකිස්තාන කණ්ඩායම වෙනසකින් තොරව තරගයට අවතීර්ණ විය. තරගයේ විරයා ලෙස අහමඩ් ශේෂාඩ් සම්මාන ලැබීය. අවසන් එක්දින තරගය එළැඹෙන 26දා සූරියවැව පිටියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම 256/09 (පන්දුවාර 50)
කුසල් පෙරේරා 0 (පන්දු 2), තිලකරත්න ඩිල්ෂාන් 50 (පන්දු 59, 4x3), ළහිරු තිරිමාන්න 90 (පන්දු 126, 4x5), ඇන්ජලෝ මැතිව්ස් 12 (පන්දු 23, 4x3), දිනේෂ් චන්දිමාල් 20 (පන්දු 21, 4x1), අශාන් ප්‍රියන්ජන් 18 (පන්දු 28), මිලින්ද සිරිවර්ධන 19 (පන්දු 11, 4x2, 6x1), සචිත් පතිරණ 14 (පන්දු 13, 4x1), ලසිත් මාලිංග 17 (පන්දු 13, 4x2, 6x1), සුරංග ලක්මාල් 1* (පන්දු 3), ණුවන් ප්‍රදීප් 0* (පන්දු 2)
පාකිස්තානය පන්දු යැවීම
මොහොමඩ් ඉර්ෆාන් 50/3 (පන්දුවාර 10), ඉමාඩ් වසිම් 43/1 (පන්දුවාර 10), අන්වර් අලී 41/2 (පන්දුවාර 7), රාහත් අලී 39/2 (පන්දුවාර 7), යසීර් ෂා 50/1 (පන්දුවාර 10)
පාකිස්තානය පන්දුවට පන්දුවට පහරදිම 257/3 (පන්දුවාර 40.5)
අසාර් අලි 33 (පන්දු 28, 4x4), අහමඩ් ශේෂාඩ් 95 (පන්දු 90, 4x12, 6x1),මොහොමඩ් හෆීස් 70 (පන්දු 88, 4x8, 6x1),සෆ්රාස් අහමඩ් 17(පන්දු 23, 4x1),සොයිබ් මලික් 29 (පන්දු 16, 6x4)
ශ්‍රී ලංකාව පන්දු යැවිම
ලසිත් මාලිංග 46/ 1 (පන්දුවාර 9),සුරංග ලක්මාල්50/1 (පන්දුවාර 8),මිලින්ද සිරිවර්ධන 28/1 (පන්දුවාර 5.)
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 257ක ඉලක්කය හඹාං යමින් සිටින පාකිස්තාන කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 192ක් රැස්කරගෙන සිටියි. තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට තවත් අවශ්‍යව ඇත්තේ පන්දුවාර ලකුණු 65ක් පමණි. හෆීස් හා සෆ්රාස් පන්දුවට පහර දෙමින් සිටිති. ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් ලකුණු 95රැස්කරමින් පාකිස්තාන ඉනිමට පදනම දැමීය.
ඔහු නායක අසාර් අලි හා එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 75 සබඳතාවක් ගොඩනැංවීය. අලීගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මොහොමඩ් හෆීස් සමගද ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගීමට ශේෂාඩ් සමත්විය. කෙසේ වෙතත් මුලු ලකුණු සංඛ්‍යාව 88දී අහමඩ් ශේෂාඩ් (47) ලබාදුන් පහසු උඩපන්දුවක් ස්ලිප් හි පන්දු රකිමින් සිටි තිරිමාන්නට රැකගත නොහැකිවිමේ වාසියද පාකිස්තානුවන්ට හිමිවිය. මුලු ලකුණු සංඛ්‍යාව 190දී ශතකය පෙනී පෙනී සිටි ශේෂාඩ් ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කුසල්ට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.
පාකිස්තාන ඉනිමේ පළමු පන්දුවාර 10 නිමා වන විට ශ්‍රී ලංකා නායකයා තමන්ද ඇතුළුව මාලිංග, ලක්මාල්, පතිරණ, ණුවන් ප්‍රදීප් යන සියලුම පන්දු යවන්නන් යොදා ගැනිමට කටයුතු කිරීම හරහා තරගයේදි ඔහුට තිබූ පීඩනය මැනවින් පැහැදිලිවිය.
පාකිස්තානයට ලකුණු 257ක ඉලක්කයක
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. කෙසේ වෙතත් තරගයේ පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පතිකරු කුසල් පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත්කිරීමට මොහොමඩ් ඉර්ෆාන් සමත්විය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු ලකුණක් හෝ රැස්කර නොතිබුණි. කුසල්ගේ දැවීයාමත් සමගම ඉතාමත් ප්‍රභලව තරගයට අවතීර්ණ වීමට පාකිස්තානුවෝ සමත්වූහ.
නමුත් තිලකරත්න ඩිල්ෂාන් හා ළහිරු තිරිමාන්න දෙවැනි කඩල්ල සඳහා ලකුණු 109 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
සිය එක්දින දිවියේ 44 වැනි අර්ධශතකය වාර්තා කළ ඩිල්ෂාන් මුලු ලකුණු සංඛ්‍යාව 109දී දවා ගැනීමට නවක ක්‍රීඩක ඉමාඩ් වසීම් සමත්වීමත් සමග ඩිල්ෂාන්ගේ හා තිරිමාන්නගේ සබඳතාව අවසන්විය. ඉන් අනතුරුව පිටියට එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ටද පිටියේ එතරම් වේලාවක් රැදී සිටීමට නොහැකිවිය. රහත් අලීගේ පන්දුවක් හමුවේ අපරික්ෂාකාරී පහරක් එල්ල කරමින් යෂීර් ෂා අතට උඩ පන්දුවක් ලබාදී ඔහු පිටියෙන් ඉවත්විය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 146ට කඩුලු තුනක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකා ලකුණු සීමාව ඉහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටි දිනේෂ් චන්දිමාල්ද මුලු ලකුණු සංඛ්‍යාව 170දී මොහොමඩ් ඉර්ෆාන්ගේ පන්දුවකට යසීර් ෂා අතට උඩපන්දුවක් ලබාදී පිටියේ ඉවත්විය.
කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න කණ්ඩායම වෙත සිය වගකීම අකුරටම ඉටුකරමින් ලකුණු 90ක් රැස්කළේ හුදෙකලා ඉනිමක් ගොඩනංවමිනි. ඔහු ඊයේ වාර්තා කළේය සිය 14 වැනි අර්ධ ශතකයයි. මුලු ලකුණු සංඛ්‍යාව 186දී අහමඩ් ශේෂාඩ්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැකිම හමුවේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ තිරිමාන්න දැවීගියේය.
මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියන්ජන්, සචිත් පතිරණ හා වේගවත් කෙටි ඉනිමක් ක්‍රීඩාකළ ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 256 දක්වා රැගෙන ආවේය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම 256/09 (පන්දුවාර 50)
කුසල් පෙරේරා 0 (පන්දු 2)
තිලකරත්න ඩිල්ෂාන් 50 (පන්දු 59, 4x3)
ළහිරු තිරිමාන්න 90 (පන්දු 126, 4x5)
ඇන්ජලෝ මැතිව්ස් 12 (පන්දු 23, 4x3)
දිනේෂ් චන්දිමාල් 20 (පන්දු 21, 4x1)
අශාන් ප්‍රියන්ජන් 18 (පන්දු 28)
මිලින්ද සිරිවර්ධන 19 (පන්දු 11, 4x2, 6x1)
සචිත් පතිරණ 14 (පන්දු 13, 4x1)
ලසිත් මාලිංග 17 (පන්දු 13, 4x2, 6x1)
සුරංග ලක්මාල් 1* (පන්දු 3)
ණුවන් ප්‍රදීප් 0* (පන්දු 2)
පාකිස්තානය පන්දු යැවීම
මොහොමඩ් ඉර්ෆාන් 50/3 (පන්දුවාර 10)
ඉමාඩ් වසිම් 43/1 (පන්දුවාර 10)
අන්වර් අලී 41/2 (පන්දුවාර 7)
රාහත් අලී 39/2 (පන්දුවාර 7)
යසීර් ෂා 50/1 (පන්දුවාර 10)
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 33ක් අවසානයේ ලකුණු 154ක් රැස්කරගෙන සිටියි. තිරිමාන්න සිය එක්දින දිවියේ 14වැනි ශතකය රැස්කරමින් ලකුණු 77ක් වාර්තා කර නොදැවී පිටියේ රැදි සිටිති. දිනේෂ් චන්දිමාල් 8* පිටියේ රැදී සිටිති.
දැවි ගිය ක්‍රීඩකයන්
කුසල් පෙරේරා 0
ඩිල්ෂාන් 50
ඇන්ජලෝ 12
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (22දා) ආරම්භ වූ සිව්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව තිලකරත්න ඩිල්ෂාන් සමගින් කුසල් පෙරේරා සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය. කෙසේ නමුත් කුසල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර, ඉනිමට එකඳු ලකුණක් හෝ එක් වන්නට මත්තෙන් කුසල් දැවී ගියේය. මොහොමඩ් ඉර්ෆාන් හමුවේ ඉමාද් වසිම් වෙත උඩපන්දුවක් ලබාදී ඔහුගේ ඉනිම අවසන් විය.
කෙසේ නමුත් ඩිල්ෂාන් සමගින් ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටින අතර, මේ වනවිට පන්දුවාර 20ක් අවසානයේ ඉනිමට ලකුණු 97ක් එක්කර ඩිල්ෂාන් ලකුණු 46ක් හා තිරිමාන්න ලකුණු 44ක් රැස්කරගෙන සිටිති.
ඡායාරූප ශාන්ත රත්නායක