සත්කාරක පාකිස්තානු කණ්ඩායම හා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පසුගිය 27 වැනිදා ඩුබායි ක්රීඩාංගණයේදී පැවැති අවසන් එක්දින තරගයේදී ලකුණු 45ක් රැස්කරගත් තිලකරත්න ඩිල්ෂාන් තම එක්දින දිවියේ ලකුණු 8000 කඩඉම පසු කළ අතර, එය ශ්රී ලංකා එක්දින පිතිකරුවෙක් එක්දින ලකුණු 8000 සීමාව පසුකළ 6 වැනි අවස්ථාව ලෙසින් වාර්තා විය. එසේම අන්තර්ජාතික එක්දින පිටියේ ලකුණු 8000 සීමාව පසුකළ 25 වැනි ක්රීඩකයා ලෙසින්ද ඩිල්ෂාන් වාර්තා අතරට එක්විය.
ඩිල්ෂාන් මේ වනවිට තරග 275 කට ක්රීඩා කරමින් ලකුණු 8014 ක් රුස් කරගෙන සිටියි. සනත් ජයසූරිය 13430, කුමාර් සංගක්කාර 12116, මහේල ජයවර්ධන 11401, අරවින්ද ද සිල්වා 9284, මාවන් අතපත්තු 8529 එක්දින ක්රීඩා පිටියේ ලකුණු 8000 සීමාව ඉක්මවා ගිය ශ්රී ලංකා පිතිකරුවෝ වෙති.