ඩැරන් ලීමනුත් සමුගනියි
ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට අදාළව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන්ද සිය තනතුරෙන් ඉවත්විමට තීරණය කර තිබේ.
ඒ අනුව දෙරට අතර අද (30දා) ජොහැන්නරස්බර්ග්හිදි ආරම්භවීමට නියමිත සිවුවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු සිය තනතුරින් ඉවත්වීමට නියමිතය.
කෙසේ වෙතත් බදාදා ඔහු ප්‍රකාශ කළේ තමන් පුහුණුකරු තනතුරින් ඉවත් නොවන බවයි. නමුත් බ්‍රහස්පතින්දා ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් මාධ්‍ය හමුවේදි සිදුකළ සමාව ගැනිමෙන් අනතුරුව ලීමන් මෙම තීරණය ගෙන තිබේ.
“ස්ටීව් හා කැමරන් වේදනා විදින අයුරු දක්කාම මේ තීරණය මම ගැනීම සාධාරණයි. ” යැයි ලීමන් පවසයි. ඔහු 2019 වසරේ අළු බඳුන තරගාවලිය තෙක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු තනතුර සහා ගිවිසුම් ගතව සිටියේය.
“ඔස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණුකිරීමට ලැබීම හොඳ අත්දැකීමක්. කණ්ඩායම මෙයින් නැවත නැගී සිටීවි. මේ තරුණ ක්‍රීඩකයන්ට ඔස්ට්‍රේලියානු ජනතාව සමාව දේවි. ඔවුන් විශාල වැරැද්දක් කළා තමයි නමුත් ඔවුන් නරක මිනිසුන් නෙමෙයි”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


