ටෙස්ට් තරග දින 4කට අඩු කිරීමට සංගාගේ විරෝධය
ටෙස්ට් තරගයක දින සංඛ්‍යාව දින 5 සිට දින 4ක් දක්වා අඩු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සූදානමට ශ්‍රී ලංකා හිටපු නායක, සුපිරි නායක කුමාර් සංගක්කාර සිය අකමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියවේ Sportsday Radio සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සංගා මේ බව සඳහන් කර තිබේ.
“දිනය අවසානයේ ටෙස්ට් ක්‍රිකට් හැම අවස්ථාවකම දින පහක් විය යුතුයි. වාර්තා පිහිටුවලා තිබෙන්නේ. ඉතිහාසය තුළත් ටෙස්ට් තරග පැවැත්වූයේ දින පහක කාලයක් සඳහායි. ඔබට සිතා ගන්න පුළුවන්ද දින පහක් තිබෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී තරගයක් දින හතරකට සීමා වීම ගැන.
සිවුදින ටෙස්ට් තරග හඳුන්වා දෙන්නේ ආර්ථික හා වාණිජ වටිනාකමින් වෙන්න පුළුවන්. නමුත් සංස්කෘතියක් හා ඉතිහාසයක් තිබෙනවා සලකා බැලිය යුතු.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කළ යුතුයි. ඒ ක්‍රීඩකයන්ට බලෙන් පැටවීමෙන් නොවෙයි. ඒ ඔවුන්ට ඉතිහාසය හා සංස්කෘතිය ගැන කියවීමට උනන්දු කිරීමෙන්” යැයි සංගා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


