දිගින් දිගටම නොනවත්වා පැවැත්වුනු ක්‍රිකට් තරගාවලි අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත්‍යවශ්‍යව තිබූ විවේකය මේ වන විට ක්‍රියාත්මකය. නිදහස් කුසලානයෙන් ඉවතට යෑමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසය තෙක් මාස දෙකක විවේකයක් ලබමින් සිටියි.
මෙලෙස ජාත්‍යන්තර පිටියෙන් යම් විවේකයක් ලබන කණ්ඩායම යළි ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ බටහිර ඉන්දීය කොදෙවු දූපත් සමග බටහිර ඉන්දීය කොදෙවු දූපත් හිදී ජුනි මාසයේ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකිනි.