වේයන්ගොඩ-හීන්දෙණිය පට්ටියාගොඩ ප්රදේශයේ සිදුවූ කාර්- දුම්රිය අනතුරින් මියගිය පිරිස අතර ශ්රී ලංකා වෙරළ වොලිබෝල් ජාතික පුහුණුකරු බව ශ්රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය තහවුරු කරයි.
ප්රසන්න උදයකුමාර නැමති මෙම පුහුණුකරු ශ්රී ලංකාවේ පළමු ජාතික පුහුණුකරු ලෙසින් 2003 වර්ෂයේදී වෙරළ වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු ආරම්භ කොට ඇති අතර ඔහු මේ දක්වාම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ක්රියා කොට ඇත.
එමෙන්ම ඔහු ගුවන්හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කොට ඇත.
අද (20) උදෑසන 8.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව පොලිසිය පවසයි.