සනත් ජයසූරිය වසය අවුරුදු 39දී එක්දින ශතකයක් රැස්කර, ලොව වයස්ගතම ශතකය රැස්කළ පිතිකරුවා ලෙස පිහිටුවා තිබූ වාර්තාව බිඳහෙළීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුරාම් ඛාන් ඊයේ (30දා) සමත්විය.
ඇෆ්ගනිස්තානය සමග ඩුබායිහිදී පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී කුරාම් ඛාන් 43 වැනි වියේදී ශතකයක් (132*) රැස්කිරීමත් සමග මෙලෙස ජයසූරියගේ වසර පහක් පැරණි වාර්තාව බිඳී ගියේය.
ජයසූරිය 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව දඹුල්ලේ පැවති තරගයකදී ශතකයක් (107) රැස්කර මෙතෙක් ලොව වයස්ගතම ශතකය රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා පොතේ ඉදිරියෙන්ම පසුවිය.