ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 351 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ මහේල ජයවරධන හා ප්‍රසන්න ජයවර්ධන පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් හා බී.ජේ. වෙට්ලින් අද (17) පෙරවරුවේදී සමත්වූහ.
ඒ සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව වෙලින්ග්ටන්හිදී පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගයේදීය. මෙහිදී වෙට්ලින් හා මැකලම් එක්ව 6 වැනි කඩුල්ල සඳහ ලකුණු 352 සබඳතාවක් ගොඩ නැංවූහ.
සිවුවැනි දිනයට අද තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 6කට ලකුණු 571 ක් රැස්කරගෙන සිටියි.
මෙහිදී බ්‍රෙන්ඩන් මැකලම් සිය ටෙස්ට් දිවියේ තෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරිමට සමත්විය. දිනය නිමා කරන විට මැකලම් ලකුණු 281ක් වාර්තා කරමින් නොදැවී පිටියේ රැඳී සිටියි. මෙම ලකුණු සංඛ්‍යාව ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණයද වෙයි.
නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 94ට කඩුලු පහක් දැවී අසීරු තත්ත්වයට පත්ව තිබූ අතර, මැකලම් හා වෙට්ලින් 6 වැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු 352ක් රැස් කරමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළහ.
හෙට (18දා) තරගයේ අවසන් දිනය වන අතර නවසීලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ තවත් කඩුලු 4 ක් ඉතිරිව තිබියදීය.
නවසීලන්තය පළමු ඉනිම 192/10 (පන්දුවාර 52.5)
කේන් විලියම්සන් 47 (පන්දු 100, 4x6)
ජේම්ස් නීසාම් 33 (පන්දු 35, 4x7)
ටිම් සවුති 32 (පන්දු 32, 4x1, 6x3)
ඉශාන්ත් ශර්මා 6/51 (පන්දුවාර 17)
මොහොමඩ් සාමි 4/70 (පන්දුවාර 16.5)
ඉන්දියාව පළමු ඉනිම 438/10 (පන්දුවාර 102.4)
අජින්ක්‍යා රහනේ 118 (පන්දු 158, 4x17, 6x1)
ශිකර් ධවාන් 98 (පන්දු 127, 4x14, 6x1)
මහේන්ද්‍ර සිං දෝනි 68 (පන්දු 86, 4x9, 6x1)
ටිම් සවුති 3/93 (පන්දුවාර 20)
ටේන්ට් බෝල්ට් 3/99 (පන්දුවාර 26)
නවසීලන්තය දෙවැනි ඉනිම 571/6 (පන්දුවාර 189)
බ්‍රෙන්ඩන් මැකලම් 281* (පන්දු 525, 4x28, 6x4)
බී.ජේ. වෙට්ලින් 124 (පන්දු 367, 4x13, 6x0)
ජේමිස් නීශාම් 67* (පන්දු 96, 4x13)
මොහොමඩ් සාමි 3/129 (පන්දුවාර 40)
සහීර් ඛාන් 2/136 (පන්දුවාර 43)