ශ්රී ලංකා ක්රිකට් නිලවරණයේ තිලංග සුමතිපාල පාර්ශ්වයේ උපසභාපති තනතුට නාමයෝජනා බාරදුන් ගාලු ක්රිකට් සමාජයේ සභාපති මෙන්ම හිටපු ක්රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා සභාපති ධුරය සඳහා අද (04දා) නාමයෝජනා බාර දුන්නේය.
ශ්රී ලංකා ක්රිකට් නිලවරණයේ නාමයෝජනා බාරගන්නා අවසන් දිනය අද (04) ප.ව. 4.00 අවසන් වූ අතර, අවසන් මොහොතේදී ධර්මදාස මහතා විසින් නායයෝජනා භාරදී ඇත.
අවසන් අවස්ථාවේදී තිලංග සුමතිපාල මහතාගේ සභාපති තනතුර සඳහා වන නාමයෝජනාව ප්රතික්ෂේප වුවහොත් හෝ විරෝධතාවක් ගොනුවුවහොත් ඒ සඳහා විකල්පයක් ලෙස සභාපති තනතුර සඳහා ධර්මදාස මහතා නාමයෝජනා බාරදී ඇතැයි වාර්තා වේ.