විද්‍යා 21 – 18 ඉසිපතන
පාසල් රග්බි පිටිය යටත්කරගෙන සිටි කොළඹ ඉසිපතන විදුහල ලකුණු 21 – 18 ක් ලෙස පරාජය කර මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානය දිනාගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල අද (12දා) සමත්විය. තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගයේ පළමු මිනිත්තු 20 අවසන් වනවිට ලකුණු 08 -07 ක් ලෙස ඉසිපතන විදුහල ඉදිරියෙන් පසුවූ අතර, එය තවදුරටත් ශත්තිමත් කරගත් ඉසිපතන ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 15 – 07 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූහ.
දෙවැනි අර්ධයද ආරම්භ වී පළමු මිනිත්තු 20 අවසන් වනවිටත් ජයග්‍රහණයේ පෙරනිමිති දකිමින් සිටි ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 18 -07 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහෙත් ඉන් මිනිත්තු 10 ක් ගතවන විට තරගය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කළ විද්‍යා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු 21 -18 ක් ලෙස තරගයේ පෙරමුණ පළමුවරට විද්‍යා විදුහලට ගෙන ආවේය. ඉන් අනතුරුව සමස්ත කාලය අවසන් වනවිට කිසිදු කණ්ඩායමකට ලකුණු රැස්කිරීමට නොහැකිවූ අතර, ඒ හේතුවෙන් තරගයේ ජය විද්‍යා විදුහලට හිමිවිය.
අර්ධ අවසන් පූර්ව වටයේදී විද්‍යා විදුහලබම්බලපිටිය ශාන්ත පීතර විදුහල (37-28) පරාජය කළ අතර, අවසන් පූර්ව වටයේදී වත්මන් ලීග් ශූර කොළඹ රාජකීය විදුහල (52-26) පරාජයට පත් කිරීමට ඔවුහු සමත් වූහ.
වත්මන් ලීග් අනුශූරඉසිපතන විදුහල මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට නිතරගයෙන් සුදුසුකම් ලැබූ අතර, එම වටයේදී මහනුවර ත්‍රිත්ව (38-27) විද්‍යාලය පරාජය කළේය.
ජනාධිපති කුසලානයේ වැඩිම වාර ගණනක් ශූරයන් වී ඇති ඉසිපතන විදුහල මේ දක්වා ශූරතා 06 ක් හිමි කරගෙන ඇති අතර, ඔවුහු පසුගිය වර්ෂයේද ශූරයෝ වූහ. කෙසේ නමුත් විද්‍යා විදුහල මෙම ශූරතාවහිමි කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, ඔවුන් ජනාධිපති කුසලාන වටයක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය විය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ