ආසියානු ක්රීඩා උලෙළේ ශ්රී ලංකා පදක්කම් බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම තිබූ ඉසව්වක් වූ බර ඉසලීමේ ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුව අත්හැරගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ ඊයේ (22දා) බර ඉසලීමේ ඉසව්වේ කිලෝග්රෑම් 69 බර පංතිය යටතේ තරග වැදුණු චින්තන විදානගේ අසාර්ථක වීමත් සමගිනි.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයේ අවස්ථා තුනේදීම චින්තන අසාර්ථක විය. එහෙත් ස්නැච් ක්රමයට ඔහු පළමු හා දෙවැනි අවස්ථාවලදී පිළිවෙළින් කිලෝග්රෑම් 122 ක් හා 126 ක් එසවුවද, තෙවැනි අවස්ථාවේදී අසාර්ථක විය. මේ අතර වෙරළ වොලිබෝල් ඉසව්වේ 'සී' කාණ්ඩයෙන් තරග කරන පුබුදු කුමාර හා අසංක ප්රදීප් කුමාර ඊයේ පස්වරුවේ ඇෆ්ගන් ක්රීඩකයන් දෙපළ වට 2-1 ක් ලෙස පරාජය කිරීමට සමත්වූහ.
තරගයේ පළමු වටය 21-19 ක් ලෙසින් ඇෆ්ගනිස්තාන ක්රීඩකයන් දෙපළ ජයගත්තද දෙවැනි හා තෙවැනි වට 21-19 හා 15-10 ක් ලෙස ජයගත්තේ ශ්රී ලංකා ක්රීඩකයන් දෙපළයි.