ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් මදවේග පන්දු ක්‍රීඩක චානක වෙලගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
2014 වසරේ ආබාධයක් හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් වූ වෙලගෙදරට, ඉන්පසු දිගින් දිගටම අවස්ථාව නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යාමට අදහස් කර ඇති ඔහු, මෙම තීරණය ගෙන ඇත්තේ යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතුව නැවතත් කණ්ඩායමට එක්වීමට බලාසිටියද දිගින් දිගටම තේරීම් කමිටුව ඔහුට අවස්ථාවක් ලබානොදීම හේතුවෙනි.
චානක වෙලගෙදර ටෙස්ට් තරග 21 කදී කඩුලු 55 ක් බිඳහෙලා ඇති අතර, එක්දින තරග 10 කදී කඩුලු 15 ක් හා විස්සයි 20 තරග දෙකකදී එක් කඩුල්ලක්ද දවාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අද (28දා) සන්ධ්‍යාවේ කළ විමසුකමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ, වෙලගෙදරගේ සමුගැනීම පිළිබඳව මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.