චමිල හා අකිලා සුමෝ ජාතික ශූරතාවන් දිනති
මතුගම ක්‍රීඩා සමාජයේ චමිල කරවිට ජාතික ශූරයා බවටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අකිලා විජේවර්ධන ජාතික ශූරිය බවටත් කිරුළු පළඳමින් පළමු වරට පැවති ජාතික සුමෝ ජාතික ශූරතාව කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී (YMCA) අද (25) පැවැත්විණි.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා සුමෝ සම්මේලනය විසින් සංවිධානය කළ තරගාවලියේදී චමිල කරවිට විසින් පිරිමි විවෘත අංශයේ ශූරතාවත් පිරිමි කි.ග්රෑ 115 ට වැඩි අංශයේ තෙවැනි ස්ථානයත් (ලෝකඩ පදක්කම) හිමි කර ගත් අතර ජාතික ශූරිය වූ අකිලා කාන්තා විවෘත අංශයේ ශූරතාවත් කි.ග්රෑ 55 අංශයේ දෙවැනි ස්ථානයත් (රිදී පදක්කම) හිමි කර ගන්නා ලදී.
මේ අතර පිරිමි ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හිමි කර ගත්අතර කාන්තා ශූරතාව හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය. එමෙන්ම මෙහි බාලක හා බාලිකා සමස්ථ ශූරතාවන් ද්විත්වයම හිමි වූයේ පරාක්‍රම ක්‍රීඩා සමාජයටයි.
තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 147 ක් සහභාගි වූ අතර ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්රදානය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විවෘත පිරිමි අංශයේ අවස්න තරගයේ අවස්ථාවක්
ජාතික ශූරිය බවට පත්වූ අකිලා විජේවර්ධන
ජාතික ශූරයා බවට පත් වූ චමිල කරවිට
කණිෂ්ඨ කාන්තා ශූරතාව දිනූ පරාක්‍රම ක්‍රීඩා සමාජය
කණිෂ්ඨ පිරිමි ශූරතාව දිනූ පරාක්‍රම ක්‍රීඩා සමාජය
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

