මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුතු කුරුණෑගල වොරියර්ස් කණ්ඩායම පරාජය ඊයේ පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල ගාඩියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව තරගාවලියේ අවසන් තරගයට සුදුමක් ලබාගැනීමටත් ඔවුහු සමත්වූහ. ගාඩියන්ස් කණ්ඩායම කමාන්ඩොස් කණ්ඩායම හා අවසන් තරගයට ක්රීඩා කිරීමට නියමිතය
ගාල්ල ගාඩියන්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් කුරුණෑගල වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
ඉනිමේ ඉහළම ඉනිම ගොඩනැගූ මහේල උඩවත්ත ලකුණු 33 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් (23) හා චතුරංග ද සිල්වා (21) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. ගාඩියන්ස් වෙනුවෙන් සුරාජ් රන්දිව් කඩුලු 03 ක් දවාළීය.
ලකුණු 122 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ගාල්ල ගාඩියන්ස් කණ්ඩායම තරගයේ 17.2 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකරගෙන යාමට සමත් විය. කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගිය උදාර ජයසුන්දර නොදැවී ලකුණු 35 ක් රැස්කළේය.
කුරුණෑගල වොරියර්ස් 121/10 (පන්දුවාර 20)
මහේල උඩවත්ත 33 (26, 4x2, 6x1), කුසල් මෙන්ඩිස් 23 (26, 4x2), චතුරංග ද සිල්වා නොදැවී 21 (18, 4x1, 6x1), සුරාජ් රන්දිව් 3/12 (4), දුෂ්මන්ත චමීර 2/20 (4), ජෙෆ්රි වැන්ඩර්සෙ 1/15 (3), අජන්ත මෙන්ඩිස් 1/23 (4)
ගාල්ල ගාඩියන්ස් 125/4 (පන්දුවාර 17.2)
උදාර ජයසුන්දර 35 (37, 4x2, 6x1), දිනේෂ් චන්දිමාල් 28 (25, 4x1, 6x1), ළහිරු මිලන්ත 23 (19, 4x3), ඩිල්ෂාන් මුණවීර 15 (8, 4x2, 6x1), චතුරංග ද සිල්වා 1/32 (4), තරිඳු කෞෂාල් 1/20 (4)