ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කළ යුතු බවත් ඔහු මානසික වශයෙන් ශක්තිමත් විය යුතු බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට්, විස්සයි20 හා එක්දින තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් දිගින් දිගටම අසාර්ථ වූ අතර ඉනිම 12කදී ඔහු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 36 කි.
“ඔහු පරිගණක දත්ත විශ්ලේෂණයකට යා යුතුයි. කුමන ස්ථානයේ වරදක් සිදූ වී ඇත්තැයි සොයා බැලිය යුතුයි. මේ ඔහුට අමාරු කාලසීමාවක්. මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔබට එරෙහිව යන විට ඒ සියල්ලම පසෙකින් තබා ඔබ ඔබගේ ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.”