ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පෙරේදා (29දා) නම් කළේය. මෙම සංචිතයට කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ඇතුළත් නොවේ.ගෙල්ගේ කොන්දේ සිදුකළ ශල්‍ය කර්මයක් හේතුවෙන් ඔහු තවදුරටත් විවේක ගැනීම ඔහු සංචිතයට එක්කර නොගැනීමට හේතුවයි.
එසේම හිටපු නායක ඩැරන් සාමිටද එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙන අතර විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සාමිවිසින් දරයි.
සංචිත දෙක සඳහා නම්කළ කොදෙව් කණ්ඩායම් සඳහා කලකට පසුව නාරීන් ඇතුළත් කොට තිබේ.
එක්දින සංචිතයට ඇතුළත් නැති ඩ්වේන් බ්රාවෝ හා කිරන් පොලාඩ් විස්සයි20 සංචිතයට එක්කොට තිබේ. තරගාවලිය 14 දා ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ආරම්භවන අතර ඒ සඳහා කොදෙව් කණ්ඩායමේ පැමිණීම අද ආරම්භවෙයි.
පළමු කාණ්ඩය අද දිනයේදී අනෙක් කාණ්ඩය හෙට දිනයේදීත් පැමිණීමට නියමිතය.