ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ඊයේ (08දා) පැවැත්විණි. මෙහි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කොළඹ කණ්ඩායම පරාජය කර ලකුණු 147ක දැවැන්ත ජයක් ලැබීමට ගාල්ල කණ්ඩායම සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයෙන් මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 05ක පහසු ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායමට හැකිවිය.
උපුල්ගේ ගාල්ලට ලකුණු 147ක ජයක්
දිනේෂ් චන්මාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම පරාජය කර ලකුණු 147ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සමත් විය.
ගාල්ල කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 348ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි.
ගාල්ල කණ්ඩායම 347/7 (පන්දුවාර 50)
සදීර සමරවික්‍රම 130 (118, 4x11, 6x4), රමිත් රඹුක්වැල්ල 87 (79, 4x6, 6x6), චතුරංග ද සිල්වා 57 (35, 4x3, 6x3), රොෂේන් සිල්වා 23 (32, 4x1), සීක්කුගේ ප්‍රසන්න 19 (6, 4x1, 6x2), ලක්ෂාන් සඳකැන් 3/66 (10), විශ්ව ප්‍රනාන්දු 2/80 (9), තිසර පෙරේරා 1/49 (7), තික්ෂිල ද සිල්වා 1/32 (5)
කොළඹ කණ්ඩායම 200/10 (පන්දුවාර 42.4)
ෂෙහාන් ජයසූරිය 70 (65, 4x10), ළහිරු තිරිමාන්න 48 (53, 4x2, 6x2), තික්ෂිල ද සිල්වා 21 (21, 4x1, 6x1), චාමර සිල්වා 14 (15, 4x1), මලින්ද පුෂ්පකුමාර 4/24 (10), සුරංග ලක්මාල් 2/40 (7), දසුන් ශානක 2/25 (5), සීක්කුගේ ප්‍රසන්න 2/21 (6.4)
මහනුවර පරදා කුසල්ගේ දඹුල්ල පළමු ජය ලබයි
ජෙෆ්රි වැන්ඩර්සෙගේ දඟපන්දු ඉදිරියේ අසරණ වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම පරාජය කර කඩුලු 05ක පහසු ජයක් ලැබීමට කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමට පන්දුවාර 29.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127ක් පමණි.
තරගාවලියේ පළමු ජය සනිටුහන් කරගැනීමේ අරමුණින් ලකුණු 128ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම තරගයේ 18 (18.5) වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කර ගත්තේය.
මහනුවර කණ්ඩායම 127/10 (පන්දුවාර 29.1)
චාමර කපුගෙදර 40 (52, 4x6), සචිත් පතිරණ 38 (41, 4x3, 6x1), ප්‍රියමාල් පෙරේරා 12 (13, 4x2), ජෙෆ්රි වැන්ඩර්සෙ 4/7 (4.1), ළහිරු ගමගේ 2/29 (8), කසුන් මධුසංක 2/35 (6)
දඹුල්ල කණ්ඩායම 130/5 (පන්දුවාර 18.5)
කුසල් පෙරේරා 41 (24, 4x4, 6x3), රුවිදු ගුණසේකර 38 (44, 4x3, 6x1), නිෂාන් මධුසංක 17 (15, 4x3), ටී.එම්. සම්පත් නොදැවී 16 (16, 4x3), සචිත් පතිරණ 3/21 (2.5), ඉසුරු උදාන 2/21 (4)