සංචාරක දකුණු අප්රිකා 19 න් පහළ කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර ගාමිණී දිසානායක කුසලානය වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ ජය ශ්රී ලංකා 19 න් පහළ කණ්ඩායමට හිමිවිය.
තරග තුනකින් යුත් තරගාවලිය 2-1ක් ලෙස ශ්රී ලංකා යොවුන් කණ්ඩායම ජයගත්තේය. අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 195ක් රැස්කළ අතර ලකුණු 196ක ඉලක්කය කඩුලු හතරක් පමණයක් වැයකර පන්දුවාර 45.5කදී පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
එස්.එස්.සී. පිටියේ පැවැති තරගය නැරඹීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතාද එක්විය.