ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉශාන් දසනායකත්, දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස උෂාන් පෙරේරාත් සම්මාන දිනාගනිමින් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය හා එක්ව 11 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ 'ගනර් සුපර්ක්‍රෝස් - 2016' මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය පසුගියදා (10දා) මින්නේරිය කාලතුවක්කු හමුදා පරිශ්‍ර‘යේදී නිමාවට පත්විය.
යතුරුපැදි ඉසව් 12ක් හා මෝටර් රථ ඉසව් 11 ක් ලෙස සමස්ත තරග ඉසව් 23ක් යටතේ මෙවර තරගාවලිය පැවැති අතර, ඒ සඳහා යතුරුපැදි ධාවකයන් හා මෝටර් රථ රියදුරන් 120ක් පමණ එක්ව සිටියහ. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධක කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම උදෙසා වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
ඒ අනුව මෙමගින් රැස්කර ගන්නා අරමුදල් මගින් කාලතුවක්කු හමුදා සාමාජිකයන්ගේ පවුල් සඳහා නිවාස තනාදීම, නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ යටිතල පහසුකම් ගොඩනැගීම සහ ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම උදෙසා ශිෂ්‍යත්ව සහ පරිගණක ලබාදීම යනාදී වැඩකටයුතු සඳහා යෙදවේ.
;
popular news
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd