පල්ලෙකැලේ පිටියේදී පුහුණුවීම් සිදුකරමින් සිටින අතර තුළ පන්දුවක් හිසේ වැදීමෙන් ආබාධයකට ලක්වූ පිතිකරු කෞෂාල් සිල්වාගේ තත්ත්වය පිළිබඳව තවත් පරීක්ෂණ කිහිපයක් අද (25දා) දිනයේදී සිදුකිරීමට නියමිත බව ක්රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව පෙ.ව. 11.00ට පමණ මෙම පරීක්ෂණ කරන බවයි ක්රිකට් ආයතනයේ ප්රකාශකයෙකු පැවැසුවේ. එම පරීක්ෂණ වලින් ලැබෙන වාර්තා අනුව කෞෂාල් රෝහලෙන් පිටත්වීම තීරණය වෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසුවා.