කෝලි අංක එකට ළඟා වෙයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් (869) තවදුරටත් අංක එකෙහි පසුවෙයි. කෙසේ නමුත් පසුගිය ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානයේ පසු වූ හෂීම් අම්ලා (848) තෙවැනි ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර, කොදෙව් තරගාවලියේදී නැවත වරක් ලකුණු අතරට පැමිණි ඉන්දියාවේ විරාත් කෝලි (853) දෙවැනි ස්ථානය පැමිණ ඇත. ඒ අනුව කලක් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ පසු වූ කෝලි නැවත වරක් සිය ස්ථානයට ළඟාවෙමින් සිටියි.
ඔවුන්ට අමතරව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර (800) පස්වැනි ස්ථානයේද, තිලකරත්න ඩිල්ෂාන් (739) හත්වැනි ස්ථානයේද පසුවෙයි. නමුත් එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ පළමු දසදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට හොහැකි වී ඇති අතර, ශ්‍රී ලංකාවේ රංගන හේරත් එහි 14 වැනි ස්ථානයේ පසුවෙයි. එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර, ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් (387) දෙවැනි ස්ථානයේ පසුවන අතර, තිලකරත්න ඩිල්ෂාන් (316) එහි පස්වැනි ස්ථානයේ පසුවෙයි.
පළමු එක්දින පිතිකරුවන් දසදෙනා
1.ඒ.බී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව/869), 2. විරාට් කෝලි (ඉන්දියාව/853), 3. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව/848), 4. ජෝජ් බේලි (ඔස්ට්‍රේලියාව/802),
5. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව/800), 6. මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව/757), 7. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව/739), 8. ශිකර් ධවාන් (ඉන්දියාව/722),
9. කුයින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව/720), 10. රොස් ටේලර් (නවසීලන්තය/713)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                