බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු හයක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ.අයි.ඒ. රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්විය.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (23දා) පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි. කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 19 ට කඩුලු පහක් දවාගනිමින් බ්ලූම්ෆීල්ඩ් ඉනිම විනාශ කළේය.
ලකුණු 134ක පහසු ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 27.4කදී කඩුලු පහක් පමණක් වැයකර ඉලක්කය පසුකර ගියේය.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (24දා) එන්.සී.සී. කණ්ඩායම හා සිංහල ක්‍රීඩා සමාජය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම හා කෝල්ට්ස් කණ්ඩායම අතර අවසන් මහ තරගය පැවත්වෙයි. එම තරගය එළැඹෙන 30 දා ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වෙයි.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම 133/10 (පන්දුවාර 42)
දේශාන් ඩයස් 41 (පන්දු 67), නිපුන් කරුණානායක 29 (පන්දු 51), දිල්හාන් කුරේ 22 (පන්දු 39), ඩිල්ෂාන් මුණවීර 12 (පන්දු 16), ප්‍රභාත් ජයසූරිය 19/5 (පන්දුවාර 8), අකිල ධනංජය 32/2 (පන්දුවාර 9), ඉෂාන් ජයරත්න 29/2 (පන්දුවාර 7)
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 137/5 (පන්දුවාර 27.4)
ෂෙහාන් ප්‍රනාන්දු 37 (පන්දු 39), ඇන්ජලෝ ජයසිංහ 30 (පන්දු 35), ප්‍රියමාල් පෙරේරා 22* (පන්දු 26), දිල්රුවන් පෙරේරා 14* (පන්දු 13), උපුල් ඉන්දසිරි 33/2 (පන්දුවාර 10), විශ්ව ප්‍රනාන්දු 58/2 (පන්දුවාර 10)