ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගයේදී නියමිත පන්දුවාර සංඛ්‍යාව මන්දගාමීව යැවීම හේතුවෙන් තරග තීරක ඩේවිඩ් බූන් මහතා බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ට එක් තරග තහනමක් හා තරග ගාස්තුවෙන් 40% ක දඩයක් පනවා තිබේ.
එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට (එදින ක්‍රීඩා කළ) තරග ගාස්තුවෙන් 20% ක දඩ පනවා තිබේ. ඒ අනුව හෙට (04දා) ඇරඹෙන දෙවැනි එක්දින තරගයට ජේසන් හෝල්ඩර් ක්‍රීඩා නොකරනු ඇත.
පසුගිය ඉරිදා (01දා) කොළඹදී පැවැති පළමු එක්දින තරගයේදී නියමිත පන්දුවාර වේගය සඳහා පන්දුවාර දෙකක් අවමයෙන් යැවීම හේතුවෙන් මෙම තරග තහනම හා දඩ පනවා ඇති අතර, ජේසන් හෝල්ඩර් මෙම වසර තුළදී මන්දගාමී පන්දුවාර වේගය හේතුවෙන් තරග තහනමකට හා දඩයකට යටත්වූ දෙවැනි අවස්ථාව මෙය වෙයි.
මීට පෙර මෙම වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී ඔහුට එක් තරග තහනමක් හා දඩයක් පැනවිණ.