ශ්‍රි ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ආරම්භ විමට නියමිත ක්‍රිකට් තරගාවලියේ වෙනසක් සිදුවෙනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට ටෙස්ට් තරග තුනක් ඇතුළත්ව තිබුණත් කොදෙව් ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ පා තිබෙන මූල්‍යමය දුෂ්කරතාව හේතුවෙන් එයින් එක් ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග කිහිපයක් පැවැත්වීමට අවධානය යොමුව තිබේ.
එසේම තරගාවලිය සඳහා වැය වන පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැරිය හැකිදැයිද ඔවුන් විමසා ඇති බවත් වාර්තා වෙයි.
නව තරග කාල සටහන මේ සතියේදි එළි දැක්විමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් තරගාවලිය ආරම්භ කරන්නේ මැයි 30 දා පැවැත්වෙන තෙදින පුහුණු තරගයකිනි.