ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රෙව්ගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරග තහනමක් පනවා ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැත බවත් පරීක්ෂණ කටයුතු තවමත් සිදුකෙරගෙන යන බවත්ය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ ප්‍රකාශ කළේ කුසල්ට වසර හතරක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි.