සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර හෙට (08) ඩුබායි ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරාට ටෙස්ට් වරම් හිමි වනු ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට ආබාධයටකට ලක්ව සිටින ළහිරු තිරිමාන්න වෙනුවට කුසල්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
(ඒ.එෆ්.පී ඇසුරෙනි)