ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ල වී ඇති තහනම් උත්තේජන චෝදනා පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, කුසල් පෙරේරාට මේ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම චෝදනා නොකළ යුතු බවයි. එමෙන්ම විධිමත් පරීක්ෂණයකින් අනතුරුව මේ පිළිබඳ තවදුරටත් තහවුරු කරගත යුතු බවත් ඔහු පවසනවා.
"අප මේ සිදුවීම වැරැදිකරු වශයෙන් කුසල්ට තුවක්කු දික් නොකළ යුතුයි. ඔහුගේ 'බී' පරීක්ෂණයේ (තහනම් උත්තේජක පිළිබඳ වැඩිදුර පරීක්ෂණය) ප්රතිඵල එනතෙක් අප බලා සිටිය යුතුයි" යැයි මහේල සිය ට්විටර් ගිණුමෙන් පවසනවා.