එක්දින ක්රිකට් පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සමත්විය.
ඒ පාකිස්තානයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ පන්දු 17කින් සිය අර්ධ ශතකය වාර්තා කරමිනි.
එය ශ්රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව සමකිරීමක්ද විය.
සනත්ද සිය අර්ධ ශතකය පන්දු 17කින් වාර්තා කළේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවය.
ලෝකයේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන්නේ දකුණු අප්රිකානු නායක ඒ.බී. ඩිවිලියර්ස්ය.
ඔහු පන්දු 16කින් අර්ධ ශතකය සම්පූර්ණ කර තිබේ.