කුසල් කණ්ඩායමෙන් ඉවතට
- 30 12 2014
- 17:36
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කණ්ඩායමේන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඉවත්කර තිබේ.
ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියද අහිමිවන ලකුණු පහළ වී තිබේ. මන්ද යත් ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අවසන් එක්දින තරගාවලිය මෙය වන බැවිනි.
අනෙක් අතින් ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 7වැනිදාට ප්‍රථමව නම් කළ යුතුයි. නවසීලන්ත තරගාවලියට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ එළැඹෙන 11වැනිදාය. ඒ හේතුවෙන් මෙම තරගාවලියට නම් කළ කණ්ඩායම බොහෝදුරට ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලානයට එක්වන කණ්ඩායම වීමටද ඉඩතිබේ.
නුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබෙන අතර ශල්‍ය කර්මයෙන් පසුව ලසිත් මාලිංගද කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්ර සේනානායක, ශමින්ද එරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

