සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන් හයවැනි හා හත්වැනි තරග සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයෙන් දිගින් දිගටම අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඉවත් කර තිබේ.
ඔහු වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබේ. එසේම සිවුවැනි හා පස්වැනි තරග සඳහා නම් කළ අශාන් ප්රියන්ජන් වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ.
මේ අතර දග පන්දු යවන ක්රීඩක අජන්ත මෙන්ඩිස් විවේක ගන්වා තිබේ.
ශ්රී ලංකා සංචිතය
මැතිව්ස්, ඩිල්ෂාන්, මහේල, සංගා, තිරිමාන්න, දිමුත්, චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, සචිත්ර සේනානායක, සීක්කුගේ ප්රසන්න, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ධම්මික ප්රසාද්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්.