සීක්කුගේ ප්‍රසන්න නියෝජනය කරන බාරිසල් බුල්ස් කණ්ඩායම පරාජය කර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 03 ක ජයක් ලැබීමට නුවන් කුලසේකර නියෝජනය කරන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්විය.
මීර්පූර්හි ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බාරිසල් බුල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට සමත්විය. මෙම කණ්ඩායමට මහමදුල්ලා නායකත්වය ලබාදුන්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොමිලා වික්ටෝරියන්ස් පිතිකරුවෝ ලකුණු 157 ක් රැස්කරමින් තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහණය සම්පූර්ණ කරගත්හ. ජයග්‍රාහී වික්ටෝරියන්ස් කණ්ඩායමට මෂ්රාෆි මොර්ටාසා නායකත්වය ලබාදුන්හ.
තරගයේ වීරයා ලෙස ආලෝක් කපාලි සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස අශාර් සායිදි සම්මාන දිනාගත්හ.