ජය පෙනෙන මානයේ සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරාගනිමින් ඕක්ලන්ඩ්හිදී ඊයේ (30දා) අවසන් වූ 'චැපල්-හැඩ්ලි' කුසලාන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 287ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 47ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 280ක් පමණි.මෙම ඉලක්කය ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් අවසන් මොහොතේ ගිලිහීගොස් තිබුණද, මාකස් ස්ටොයිනිස්ගේ ඉනිම ක්‍රියාත්මක නොවන්න, ඔස්ට්‍රේලියානුවෝ තම පරාජය වැලඳගන්නේ තවත් පන්දුවාර රැසක් ඉතිරි කරමින්ය.
මෙහිදී ඔස්ට්‍රේලියානු ඉනිමේ පන්දුවාර 18.2ක් අවසන් වනවිටත් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වෙමිත් තිබූ අතර, ඒ වනවිට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 67කට කඩුලු 06ක් ලෙස සටහන්ව තිබුණි.කෙසේ නමුත් මැදපෙළ පිතිකරු මාකස් ස්ටොයිනිස්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ඉදිරියේ තරගය කණ්ඩායම් දෙකට විවෘත වූ අතර, මෙහිදී ස්ටොයිනිස්, ජේම්ස් ෆෝක්නර් (07 වැනි කඩුල්ල/ ලකුණු 81), පැට් කමින්ස් (08 වැනි කඩුල්ල/ ලකුණු 48), මිචෙල් ස්ටාක් (09 වැනි කඩුල්ල/ ලකුණු 30) හා ජෝෂ් හැස්ල්වුඩ් (10 වැනි කඩුල්ල/ ලකුණු 54) සමගින් එක්ව ජයග්‍රහණය පෙනෙන මානයට ඔස්ට්‍රේලියානු ඉනිම රැගෙන ආවේය.
මෙහිදී අවසන් කඩුල්ලට හැස්ල්වුඩ් හා ස්ටොයිනිස් අතර ගොඩනැගුණු සබඳතාවේ සියලු ලකුණුහි හිමිකරුවා ස්ටොයිනිස් පමණක් වූ අතර, මිනිත්තු 26ක් කඩුල්ලේ රැඳී සිටි හැස්ල්වුඩ්ට කිසිදු පන්දුවකට මුහුණදීමට හෝ අවස්ථාවක් ලබානොදීමට ස්ටොයිනිස් වගබලා ගත්තේය.
කෙසේ නමුත් තරගයේ 46 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණුක් කරා දිවයාමේදී හැස්ල්වුඩ් දුවද්දී දැවීයාමට ලක්වූ අතර, ඒ සමග ඔස්ට්‍රේලියානු බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බොඳවී ගියේය.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නවක ක්‍රීඩක ස්ටොයිනිස් නොදැවී ලකුණු 146ක් රැස්කළ අතර, පන්දු 117කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් හා හතරේ පහර 09ක් අන්තර්ගත විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 02කට පමණක් ක්‍රීඩාකර ඇති 27 හැවිරිදි ස්ටොයිනිස්ගේ පළමු එක්දින ශතකය මෙය විය.
ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 286ක් රැස්කිරීමට සමත්විය. නීල් බෘම් (73), මාටින් ගප්ටිල් (61) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස මාකස් ස්ටොයිනිස් සම්මාන දිනාගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 1 -0ක් ලෙස නවසීලන්තය පෙරමුණගෙන සිටියි.
මෙය ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර (1974 – 2017) ක්‍රියාත්මක වූ 134 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වූ අතර, ඉන් නවසීලන්තය ලැබූ 38 වැනි ජයග්‍රහණය මෙය වේ. කෙසේ නමුත් තරග 90ක ජය ඔස්ට්‍රේලියාව සතුව ඇති අතර, තරග 06ක් විසඳුමකින් තොරව අවසන්ව ඇත.