කිත්රුවන් හුදෙකලා සටනක
සත්කාරක ශ්රී ලංකා %ඒ^ කණ්ඩායම හා සංචාරක කොදෙව් %ඒ^ කණ්ඩායම අතර ඊයේ (18දා) මාතර උයන්වත්ත ක්රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි නිල නොවන සිවුදින ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනට අද (19දා) තරගය නතර කරන විට පන්දුවාර 34 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කිත්රුවන් විතානගේ ලකුණු 36ක් රැස්කරගෙන සිටියි. ඊයේ දිනයේ ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් පළමු දිනය සම්පූර්ණයෙන් අතහැරදැමීමට සිදුවූ අතර, අද දිනයේදීද නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකිවිය. එසේම අද සවස නැවතත් වර්ෂාව පතිතවිය. හෙට (20දා) තරගයේ තෙවැනි දිනයයි.
ශ්රී ලංකා ඒ පළමු ඉනිම 137/6 (පන්දුවාර 34)
අශාන් ප්රියන්ජන් 40 (පන්දු 51, 4x5, 6x1)
කිත්රුවන් විතානගේ 36* (පන්දු 39, 4x5, 6x1)
දිමුත් කරුණාරත්න 25 (පන්දු 48, 4x3)
ශනොන් ගෙබ්රියල් 2/20 (පන්දුවාර 7)
මිගෙල් කමින්ස් 2/29 (පන්දුවාර 8)
ශේන් ශිලින්ෆෝඩ් 2/54 (පන්දුවාර 9)
ඡායාරූපය ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

