සිංගර් අන්තර්පාසල් 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතා වටයේ අද පැවති තරගයකින් කොළඹ ලුම්බිණි විදුහල පරදා ලකුණු 60-08 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමත් විය.
කොළඹ තුරඟ තරග පිටයේදි පැවති තරගයේ පළමු අර්ධයේ්දීම ලුම්බිණි ක්රීඩකයින්ට දරුණු ප්රහාරයක් එල්ල කළ කිංග්ස්වුඩ් ක්රීඩකයෝ එම අර්ධය නිමා කලේ ලකුණු 29-05 ක් ලෙසිනි. දෙවැනි අර්ධයේදී තම ක්රීඩා රටාව තවදුරටත් වර්ධනය කර ගැනිමට ඔවුන් සමත් විය.
ජයග්රාහි කිංග්ස්වුඩ් ක්රීඩකයි්න ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 5 ක් සමගින් ද ලුම්බිණි ක්රීඩකයින් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ද සිය ලකුනු රැස් කළහ.
ඡායාරූප-ඕෂිත වරකපිටිය