ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායකත් සම්මාන දිනාගනිමින් කැවල්රි සුපර්ක්‍රොස් - 2016 මෝටර්රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පෙරේදා (11දා) කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා ධාවන කඳවුරු පථයේදී නිමාවට පත් විය.
මෝටර් රථ ඉසව් 12 ක් හා යතුරුපැදි ධාවන ඉසව් 12 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඉෂාන් දසනායක විසින් යතුරුපැදි ධාවන ඉසව්වන්හි බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත් මෝටර් ක්‍රොස් රේසිං යතුරු පැදි (සි.ධා. 175-250 දක්වා) කාණ්ඩයේ තරග ද්විත්වයම හා මෝටර් ක්‍රොස් රේසිං යතුරුපැදි සි.ධා. 125 දක්වා කාණ්ඩය යන කාණ්ඩයන්හි ජය ගැනීමට සමත් විය. එමෙන්ම දක්ෂතම මෝටර් රථ රියදුරා සම්මානය හිමි කරගත් උෂාන් පෙරේරා සුපර් කාර් (එස්.එල්.ජී.ටී සි.ධා 3500 දක්වා) කාණ්ඩයේ ඉසව් ද්විත්වයේම ජය හිමි කර ගත්තේය. මෙය ඔවුන් දෙදෙනාම මෙම තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියදුරා හා යතුරුපැදි ධාවකයා සම්මාන හිමි කරගත් පළමු අවස්ථාව විය.
මේ අතර තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩා රටාවක් පෙන්වූ යතුරුපැදි ධාවකයන් අතරින් ඉමල් මංචනායක හා ඉවෝන් ගුරුසිංහ කැපී පෙනුණි. එහිදී එස්.එම්. කාණ්ඩයේ සුපර්මෝටාඩ් සි.ධා. 250 සිට 750 දක්වා ඉසව්වේ ශූරතා ද්විත්වයම හිමි කරගැනීමට ඉමාල් මංචනායක සමත් වෙද්දී එම්. කාණ්ඩයේ සාමාන්‍ය හා නවීකරණය කරන ලද කාණ්ඩයේ ශූරතා ද්විත්වයම (සි.ධා. 175 සිට 250 දක්වා) ඉවෝන් ගුරුසිංහ විසින් හිමි කරගන්නා ලදී.
මේ අතර තරගාවලියේ පසුගිය වර (2014) යතුරු පැදි අංශයේ ශූරතාව දිනා ගත් ෂෙහාන් සී. අධිකාරි මෙන්ම මෙහි තෙවරක් ශූරතාව හිමි කර ගෙන සිටින ගයාන් සඳරුවන් ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි නොවුණු අතර, එහි මෝටර් රථ ශූරතාව පසුගිය වර හිමි කරගත් අශාන් සිල්වා ද මෙවර සහභාගි නොවීය.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකාය සමගින් එක්ව මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.මේ අතර මෙම තරගාවලියේදී නීතිරීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදීම නිසා එච්. කාණ්ඩයේ සි.ධා. 1618 ඉසව්වේ ශූරතාව හිමි කරගත් ෂෙනාල් ගුණවර්ධනගේ ශූරතාව පසුව අහෝසි කිරීමට තරග සංවිධායකයන් තීරණය කළ අතර, ඒ අනුව එහි ශූරතාව හිමිවූයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් උපුල්වන් සේරසිංහටයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd