සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ඩුබායිහිදී අවසන්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 221ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (26දා) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය.
අවසන්වරට 2010 වසරේදී එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැති ටෙස්ට් තරගයද ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව ඇත. කෙසේ නමුත් පාකිස්තාන කණ්ඩායම වසර විස්සකින් (අවසන් වරට 1994/95) ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ටෙස්ට් තරගාවලි ජයක් ලබා නොමැත.
පසුගිය 22 වැනිදා ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 454 (පන්දුවාර 145) රැස්කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 303 ක් (පන්දුවාර 103.1) පමණි.
නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 438ක ඉලක්කයක් ලබාදෙමින් ලකුණු 286/2 (පන්දුවාර 78) රැස්කර ඉනිම අත්හිටුවීය. නමුත් තරගයේ පස්වැනි හා අවසන් දිනයවූ අද (26දා) දිනයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216ක් (පන්දුවාර 91.1) පමණි. තරගයේ වීරයා ලෙස යුනිස් ඛාන් සම්මාන හිමිකරගත්හ.