ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු, ප්රවිණ විස්තර විචාරකයෙකු හා මාධ්යවේදීයෙකුද වන රිචී බේනොඩ් සිය දිවියෙන් සමුගෙන තිබේ. සිඩ්නි හිදි ඔහු ඊයේ (09දා) මියගොස් තිබෙන අතර මියයන විට හෙතෙම 84 වැනි වියේ පසුවිය.
ඔහු වසර කිහිපයක් සමේ පිළිකාවකින් පීඩා වින්දේය. එසේම 2013 වසරේදී සිදුවූ මෝටර් රථ අනතුරකින්ද ඔහුගේ දිවියට බලපෑමක් ඇතිවිය.
පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන්ද දක්ෂතා දක්වා තිබෙන රිචී 1964දී ක්‍රීඩාවෙන් සමුගන්නා විට කඩුලු 248ක් ලබාගෙන තිබූ අතර ඒ වන විට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන තිබූ ක්‍රීඩකයා වූයේද රිචිය. ඔහු ක්‍රීඩාකළ ටෙසට් තරග 63දී ලකුණු 2201ක් රැස්කිරීමටත් සමත්විය.