ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ඇතිව තිබූ මතභේද සමතයකට පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැදිගත්වීම මත පැවැති සාකච්ඡාවේදී, ගැටලු ඇති නොවන අයුරින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සහ ලේකම්වරයා පොරොන්දු වූ බව ක්‍රීඩා අමත්‍යාංශය පවසයි.
එසේම 2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට දෙපාර්ශ්වය එකඟ වූ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ඇතිව තිබෙන ගැටලු පිළිබඳ සකච්ඡා කිරීමට පැවැති මෙම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වුවහොත් ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබිණි.