ක්‍රිකට් පරාජය දේශපාලනිකව නොබැලිය යුතුයි
- 22 03 2018
- 09:20
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ක්‍රිකට් තරගපරාජය වීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායකයා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සැමදා පරාජය නොවන බවත්, ජයග්‍රහණය හා පරාජය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
ක්‍රිකට් කණ්ඩායමේ පරාජය දේශපාලනික ලෙස නොබැලිය යුතු බවත්, ක්‍රිකට් තරගයක් පරාජය වීමට කණ්ඩායමේ නායකයා වගකිව යුතු සේ මැතිවරණයක් පරාජය වීම සම්බන්ධ පක්ෂයේ නායකයා වගකිව යුතු බවත් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

