එළඹෙන ඉරිදා (03දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ නිලවරණය සඳහා විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (01දා) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේය.
ඒ අනුව නිලවරණය පැවැත්වෙන ශාලාවට පෞද්ගලික ආරක්ෂකයන්, ඇමති ආරක්ෂකයන්, අවි ආයුධ හෝ ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන් තහනම් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම (නිලවරණය) ඉරිදා (03දා) පෙ.ව. 10.00 වනවිට පැවැත්වීමට සූදානම් කර ඇති අතර, ඒ සඳහා පැමිණෙන්නන් උදෑසන 9.00 වනවිට අසුන්ගත යුතුය. පෙ.ව. 10. පසු පැමිණෙන අය පිළිබඳ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය නොගන්නා අතර, ඒ පිළිබඳ සියලු තීරණ ගැනීමේ බලය ක්‍රීඩා අධ්යක්ෂවරයා සතුවේ.
මෙහීදී ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ, කුරුඳුවත්ත පොලීසිය ඉදිරිපිට තිබෙන දොරටුව පමණක් විවෘත කර තබන බවයි.
"නිලවරණය සිවුවැනි මහලේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා. කිසිදු කෙනෙකුට තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයන්, ඇමති ආරක්ෂකයන්, අවි ආයුධ හා දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්."
සමස්ත නිලවරණය වීඩියෝගත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, නිලවරණ කටයුතු පෙ.ව. 11.00 පමණ අවසන් කර ජයග්‍රාහී පිරිසට එම ස්ථානයේදීම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද ඔහු පවසා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණය කර සිටි තවත් විශේෂ කරුණක් වූයේ ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්යක්ෂවරයා කටයුතු ආකාරය තමන් අනුමත කරන බවයි. නාමයෝජනා සම්බන්යෙන් ලැබුණු විරෝධතාවලදී ක්‍රීඩා අධ්යක්ෂවරයා කටයුතු කළේ තමන්ගේ අනුදැනුම යටතේ බවත්, එම තීරණය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා නම් ඒ සියල්ල භාරගන්නා බවත් ඔහු පවසා සිටියේය.