ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැරැණි ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ඡන්ද 142ක් පවතින අතර, එය ඡන්ද අටක් දක්වා අඩුකළ යුතු බවට පසුගිය කාලසීමාවේදී මතයක් පැවැතියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද ඡන්ද ක්රමයේ වෙනසක් පිළිබඳව මතයක් ප්‍රකාශ කර තිබුණි. මේ පිළිබඳව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ, ඡන්ද ක්රමයේ වෙනසක් ඉතා ඉක්මනින් සිදුනොවෙනු ඇති බවයි.
එසේම නිලවරණයෙන් පත්වන කණ්ඩායම හා සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගත යුතු බවද ඔහු පැවසීය.
වැ
ඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඒක දැන්මම වෙනස් වෙන්නෙ නෑ. නමුත් පත්වන කණ්ඩායම (නිලවරණයෙන්) සමග සාකච්ඡා කරලා එය වෙනස් කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙනවා. ඒක අතුරු කමිටුවේ යෝජනාවක්. ඒ සම්බන්ධව සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තුවෙනවා. ඉන් පස්සේ තමයි තීන්දුවක් ගන්න වෙන්නේ” යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා එළැඹෙන 24 දා සිට දෙසැම්බර් මස 4 දා දක්වා නාමයෝජනා කැඳවා තිබෙන අතර, නිලවරණය එළැඹෙන ජනවාරි මස 03දා පැවැත්වීමට නියමිතය.