ක්‍රිකට් ආයතනයේ මාෆියාව කැඩූ බවත්, සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් හොඳ අතුරුපාලක කමිටුවක් පත්කළ බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
පින්නවල සත්ත්වෝද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය සිකුරාදා ඔහු මෙම අදහස් දැක්වීය.
"මගේ අමාත්‍යාංශයේ තිබෙන මාෆියා කඩන්න මම විශාල උත්සාහයක් අරන් තිබෙනවා. ක්‍රීඩා අංශයේ මාෆියාව, ක්‍රිකට් අංශයේ මාෆියාව, සංචාරක ක්ෂෙත්රයේ මාෆියාව කඩන්න යනකොට ප්‍රශ්න ඇතිවෙනවා.
විශාල මුදල් එක්ක අපි ගනුදෙනු කරන්නෙ. ක්‍රිකට් එකේ මාෆියාව කඩලා සිදත් වෙත්තමුණි මහතාගෙන් (ප්‍රධානත්වයෙන්) ඉතාමත් හොඳ අන්තර්පාලක කමිටුවක් පත්කරලා තිබෙනවා. මේක මේ රටේ ස්වෛරී අයිතිය. මේ ක්‍රීඩා නීතිය ගෙනාවේ කවුද? ක්‍රීඩා නීතිය ගෙනාවේ බණ්ඩාරනායක (සිරිමාවෝ) මැතිණිය. 1973 එතුමියගේ නායකත්වයෙන් ගෙනාපු ක්‍රීඩා නීතිය යටතේ ඕනෑම ක්‍රීඩා ඇමතිවරයෙකුට ඒ බලතල පාචිච්චි කරන්න පුළුවන්.
මම පැහැදිලිවම කියනවා අපගේ ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ හා කැබිනට් මණ්ඩලයේ උපදෙස් අරගෙන පමණයි මම ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපට ඕන අපගේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න. හොරුන්ටයි, දූෂිතයන්ටයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇවිල්ලා හොරකම් කරන්න මේ නවීන් දිසානායක ඉඩදෙන්නෙ නෑ කියලා පැහැදිලිව කියනවා." යැයි හෙතෙම පවසා සිටියේය.