ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඊයේ (08දා) අවසන් වූ සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ, අළු බඳුන පස්වැනි තරගය සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගය වනු ඇති බවයි.
"මම නිශ්චිතව තීරණය කළා මගේ සමුගැනීම සම්බන්ධයෙන්. තවදුරටත් මට කණ්ඩායමේ රැඳී සිටින්න අවශ්‍ය නෑ. එනිසා නවකයන්ට අවස්ථාවදීමට ක්‍රියා කරනවා" හෙතෙම පවසයි.
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන ක්ලාක් ටෙස්ට්, එක්දින හා පන්දුවාර20 අංශ තුනේදීම එක ලෙස දස්කම් පෑමට සමත් ක්‍රීඩකයෙකු ලෙස ප්රකටය. එසේම 2011 වර්ෂයේ සිට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය හෙබවීමටද ඔහු සමත්ව ඇත. ක්ලාක්ගේ නායකත්වය යටතේ මේ වසරේ ලෝක කුසලාන තරගාවලියද ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.