කලුතර හා පානදුර ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැති ප්‍රිමියර් ලීග තුන්දින තරගාවලියේ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන රෝහිනී මාරසිංහ මහත්මිය පත්කර ඇත.
මෙම තරගපවාදීම් පිළිබඳව මීට ඉහතදී පත්කළ ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ කමිටුවල වාර්තා පිළිබඳවද අධ්‍යනය කරමින් සිය අවසන් වාර්තාව ඇය ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම වරදකරුවන් වෙනුවෙන් ලබාදිය යුතු උපරිම දඬුවම් පිළිබඳව වාර්තාවක්ද ඉදිරිත් කිරිමට නියමිය.