කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී තමන් සිතා මතාම කල් මැරීමට කටයුතු කළ බව ශ්රී ලංකා කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්වැල්ල සමත්විය. එම තරගයේ ජයග්රහණයේ සීමාවටම ඉන්දිය කණ්ඩායම පැමිණියත් දික්වැල්ල විවිධ උපක්රම හරහා කල් මැරීමෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කටයුතු කළේය.
“ ඒක ආරම්භ වුණේ මම ස්කෙවෙයාර් ලෙග් කලාපයෙන් හයේ පහරක් එල්ල කළ විටයි. ඒ අවස්ථාවේදී එම කලාපයේ පන්දු රකින්නන් තිදෙනෙක් සිටියා. මම එය විනිසුරු නයිජල් ලෝංග්ට පැවසුවා. ඊට පසුව නිපන්දුවක් ලෙස එම පන්දුව සටහන් කළා. පසුව විරාත් කෝලි මට පැවැසුවා ‘ ඒක විනිසුරන්ගේ රාජකාරියක්. ඒ ගැන ඔබ දුක්වෙන්න ඕන නෑ ’ ලෙස පැවසුවා. එතනින් පසුවයි හැමදේම ආරම්භ වුණේ ”
“මම හිතුවා මෙය ඉදිරියට ගෙන යන්න. ඒ වගේම එය කල් මැරීමට හොඳ අවස්ථාවක්. එසේම කෝලිත් දැනගත්තා මම කරන්න හදන දේ. ඊට පසුවයි මොහොමඩ් සාමි සමග වචන හුමවාරුව අතිවුණේ. එය විනෝදයි. මම හිතනවා මම සටන දිනුවා කියා”
“ සාමි මා දෙසට පැමිණ කීවා ‘ බලන්න මම මෙහෙන්. මම කොල්කටාවෙන් යැයි පැවුසුවා’ මම කිව්වා ‘ ඒක මට වැදග්ත් නෑ කියලා’ ආයෙත් පසුව කිව්වා ‘ නමුත් ඔබ හොඳ වේගයකින් හා ඉපළීමකින් පන්දු යවනවා කියා’ එයින් ඔහු සතුටුවුණා. ආපසු හැරී ගියා. ”
“ සාමි පන්දු යැවීමට එන විට මම කළේ මගේ කාලය ගැනීමයි. එය ඉන්දියානුවන්ට ගැලපුණේ නෑ. කොහොම වුණත් මම ඒ අවස්ථාව ගැන සතුටුයි. ”