කටකතා පැතිරවීම නවත්වන ලෙසත් යම්කිසි අලුත් දෙයක් වේනම් ඒ පිළිබ ඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මැතිව්ස් පවසයි. මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල හරහා ඇන්ජලෝ මැතිව්ස් ඉලක්ක කරමින් විවිධ කටකතා පැතිර යමින් තිබෙන අතර ඔහුට විවිධ චෝදනාද එල්ල වී තිබේ.
එසේම ඊයේ (22දා) පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් තමන්ට සති දෙකක හෝ තුනක කාලයක් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇතැයි භෞත චිකිත්සකවරයා සඳහන් කළ බව මැතිව්ස් පවසයි.
තවත් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකට තමන්ට මුහුණදීමට සිදුවෙනු ඇති බව මැතිව්ස් පවසයි. කෙසේ වෙතත් අමාරු කාලයකදි කණ්ඩායමෙන් ඈත්වීම කනගාටුවට කරුණක් බවද ඔහු පවසයි.