ඔස්ට්‍රේලියාවේ මේ වනවිට පවතින 42COකට ආසන්න අධික උෂ්ණත්වය නිසා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයන් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම උෂ්ණත්වයෙන් බේරීම සඳහා බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ ක්‍රම අනුගමනය කරනු ලබන බවද සඳහන් වේ.
ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණු උෂ්ණත්වය හේතුවෙන් තරගාවලියේ සංවිධායකයන්ද විවේචනයට ලක්ව සිටින අතර, කැනඩා ක්‍රීඩක ෆ්රෑන්ක් ඩැන්සෙවික් සඳහන් කළේ එය අමානුෂික අත්දැකීමක් බවයි.
"කවුරුහරි මැරෙනකම් ඔවුන්ට ඕන මේ උෂ්ණත්වය යටතේ තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට. එය අමානුෂිකයි. මට හිතෙන්නෙ නෑ එය කාටවත් සාධාරණයි කියලා"යැයි ෆ්රෑන්ක් වැඩිදුරටත් පැවසීය.