ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි ජයක්
ඩේවිඩ් වෝනර් ගේ ප්රෙව්ගවත් පිතිහරඹය හමුවේ සංචාරක පාකිස්ථානය සමගින් පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුනු 220 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3-0 ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමටද ඔවුන් සමත්විය.
ඊයේ (07) අවසන් වූ තරගයේ ලකුණු 368 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියළුම දෙනා දැවී රුස් කර ගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි.
මෙම පරාජය පාකිස්ථානය ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාව ඉදිරියේ ලැබූ සිව්වැනි පූර්ණ තරගාවලි පරාජය ලෙසින් ඉතිහාස ගත විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට ලකුණු 538 ක් රුස් කළ අතර පාකිස්තානය සිය පළමු ඉනිමට රුස් කලේ ලකුනු 315 කි. ඒ අනුව ලකුණු 223 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ක්‍රියාත්මක කළ ඔස්ට්‍රේලියාව කඩුල්ලු දෙකක් දැවී ලකුනු 241 ක් ලබා සිටින අවස්ථාවේදී ඉනිම අත්හිටුවීය.
තරගයේ වීරයා සම්මානය ඩේවිඩ් වෝනර් විසින් හිමි කර ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ ස්ටීවන් ස්මිත් හටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

