සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර මැන්චෙස්ටර්හි ඊයේ (13දා) පැවති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් යුත් මෙම තරගාවලිය තරග 3-2 ක් ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.
ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ 24.2 වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්වූහ.
තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ් සම්මාන දිනාගත්තේය.
එංගලන්තය පන්දුවට පහරදීම / ඔස්ට්‍රේලියාව පන්දු යැවීම